Pre-Loader

අද business එකක් run කරන විදිහ, අවුරුදු කිහිපයකට කලින් තිබුණු විදිහට වඩා ගොඩක් වෙනස්. අද customer කෙනෙකු ඔබ ලගට එන්න නම් ඔවුන්ට ඔබව හොයාගන්න, ව්‍යාපාරය ගැන විශ්වාසයක් ඇතිවෙන්න, තවත් ඔබව contact කරන්න සහ ඔබට payment එකක් කරන්න පහසු වෙන්නත් ඕනේ. හොඳ product එකක් හෝ හොඳ service එකක් තිබීම තවමත් මූලිකම දෙයක් තමයි ඒත් පාරිභෝගිකයන්ට ඔබව සොයාගන්න බැරිනම් එයාල ඔබගේ ව්‍යාපාරය ගැන දන්නෙ නැත්නම් ඔබේ භාන්ඩ හෝ සේවාව කොයි තරම් හොද වුනත් ඔබට හොද ආදායමක් ලබන්න වෙන්නෙ නෑ.

සරල Online Tools භාවිතා කරලා ඔබේ Business එක උපරිම ආදායම් උපයන Sustainable Level එකකට ගෙනියන්නේ කොහොමද?

ඉතිම් ඒ ප්‍රශ්නෙට අපි මොනවද කරන්න ඕනෙ? ඔයා කියයි මට ඔය සංකීර්ණ වැඩ නම් බෑ, හැබැයි හොඳම දේ තමයි මේ හැමදේකටම සංකීර්ණ digital system එකක් අවශ්‍ය නැහැ. Professional website එකක්, Google Business Profile එකක්, WhatsApp Business සහ පහසු payment option එකක් තියෙනව නම්, ඔබේ business එකට simple online ecosystem එකක් හදාගන්න පුළුවන්. ඒත් සංකීර්ණ වැඩියි වගේ ද? ඉන්න මම කියන්නම්.

මුලින්ම ඔබේ Business එක හොයාගන්න පහසු කරමු

ඔබට plumber කෙනෙක්, hotel එකක්, restaurant එකක්, printing service එකක්, computer shop එකක් හෝ doctor කෙනෙක් ලගින්ම සොයාගන්න අවශ්‍ය වුණාම ඔබ මොකද කරන්නේ? ඔව්

අපි බොහෝ දෙනා මුලින්ම Google එකේ search කරනවා.

ඔබේ customersලාත් එහෙමම කරනවා.

ඒ නිසා local business එකකට තියෙන ලොකුම opportunities වලින් එකක් තමයි, customer කෙනෙක් දැනටමත් ඔබේ service එක හොයන වෙලාවේ Google Search එකේ පේන්න තිබීම.

How to Build a Sustainable Business Using Simple Online Tools - WebCraft.LK

 

Professional website එකක් කියන්නේ ඔබේ business එකට online එකේ ස්ථිර home එකක් වගේ. ඒකෙන් ඔබේ services ගැන කියන්න, products පෙන්වන්න, photos දාන්න, හැමෝම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න (වෙබ් සයිට් එකේ නිතර අසන ප්‍රශ්න සහ උත්තර අංශය වෙන් වෙන්නෙ මේකට, උදා හරණයක් විදියට “ඔයාල පෝය දින වලත් විවෘතයි ද? අපි දාල තියෙනව ඔව් ඒත් මේ වෙසක් පෝය නම් වසා ඇත” අන්න එහෙම අපිම උත්තර දෙන්න ඕන නෑ හැම දේටම, අපේ වෙබ් සයිට් එක තියෙනව නම්) සහ customer කෙනෙක්ට පහසුවෙන් ඔබව contact කරගන්න විස්තර ගන්න පුළුවන් වෙබ් සයිට් එකෙන්.

හැබැයි website එක තවත් වටින්නෙ **Google Search සහ Google Maps** එක්ක හොඳට connect වුණාම.

Google Business Profile එක free. ඒකෙන් ඔබේ business එක Google Search සහ Maps වල පේන විදිහ manage කරන්න පුළුවන්. Opening hours, phone number, website, location හෝ service area, photos, services වගේ useful information add කරන්න පුළුවන්. Customersලා reviews දාන්නත්, ඔබට ඒවට reply කරන්නත් පුළුවන්.

Google Business Profile එකට හොදම අවදානයක් දෙන්න

ගොඩක් businesses Google Business Profile එකක් එක පාරක් create කරලා එතනින් පස්සේ අමතක කරනවා. ඒක ඔබ සිදු කරන ලොකුම වරදක් සහ විශාල පාඩුවක් සිදුවන අතපසු වීම් වලින් එකක්.

ඔබේ Google Business Profile එකට digital shopfront එකකට වගේ treat කරන්න.

Phone number, opening hours, location වගේ details accurate තියාගන්න. Office එක, shop එක, staff, products හෝ completed work වල good-quality photos add කරන්න. ඔබ දෙන services clear විදිහට explain කරන්න. Genuine customersලාගෙන් reviews ඉල්ලන්න, ඒ reviews වලට friendly විදිහට reply කරන්න.

Google මගින් customersලා ඔබේ business එක හොයාගන්නේ කොහොමද, මොන search terms use කරනවද, profile එකත් එක්ක කොහොම interact කරනවද කියන insights ද බලන්න පුළුවන්. උදාහරණයක් විදියට, එතකොට එයාල අපේ ව්‍යාපාරය තුලින් විශාල වශයෙන් සොයල තියෙන්නෙ අපි ලග නැති භාන්ඩයක් හෝ සේවාවක් නම් අපිට පුළුවන් ඒ දේ අපේ ව්‍යාපාරයට ඇතුලත් කරගෙන ලාභ උපයන්න. අන්න ඒවගේ ගොඩාක් ඵල ප්‍රයෝජන තවත් රාශියක් අපිට මේ තුලින් ලබන්න පුළුවන්.

ඒවගේම මිනිස්සු ඇත්තටම මොනවාද හොයන්නේ කියලා විශ්ලේෂණය කරගන්න පුළුවන්.

මේක සංකීර්ණ කරන්න ඕනේ නැහැ. කතාව simple:

Customer කෙනෙක් ඔබ වගේ business එකක් Google එකේ search කරද්දි, ඔවුන්ට ඉක්මනින්ම ඔබ කවුද, ඔබ මොනවද offer කරන්නේ, ඔබව contact කරන්නේ කොහොමද කියලා පැහැදිලිව තේරෙන්න ඕනේ.

Google Search එක WhatsApp Conversation එකක් බවට හරවා කරන්න

ඔබේ business එක customer කෙනෙක්ට හොයාගන්න පහසු කරන එක start එක විතරයි.

ඊළඟට ඔවුන්ට පහසුවෙන් ප්‍රශ්ණයක් අහන්න (විමසීම්), මිල ගණන් දැනගන්න හෝ order එකක් දාන්න ඕනේ.

Sri Lankan businesses ගොඩකට මේකට WhatsApp Business ගොඩක් ප්‍රයෝජනවත්.

සාමාන්‍ය personal WhatsApp account එකක් වෙනුවට WhatsApp Business use කළාම, business එක තවත් professional විදිහට present කරන්න පුළුවන්.

Business profile එකක් create කරන්න, products හෝ services catalog එකකින් show කරන්න, greeting messages, away messages, quick replies use කරන්න සහ customer chats organize කරන්න පුළුවන්.

උදාහරණයක් විදිහට, customer කෙනෙක් රෑ 9.30ට Google එකෙන් ඔබේ business එක හොයාගත්තා කියලා හිතමු.

ඔබේ shop එක එවෙලේ වහලා තිබුණත්, customerට website එක බලන්න, තොරතුරු දැනගන්න හෝ විමසීම් කරන්න WhatsApp message එකක් දාන්න පුළුවන්.

ඊළඟ දවසේ උදේ වෙද්දි ඔබට already potential customer කෙනෙක් ඉන්නවා.

WhatsApp එකෙන් photos, quotations, order details, appointment information, invoice PDFs හෝ payment links directly send කරන්නත් පුළුවන්.

ඒක business එකටත් customerටත් දෙන්නටම process එක simple කරනවා.

Payment එකත් ඒ වගේම Easy කරන්න

Customer කෙනෙක් ඔබේ සේවා හෝ භාන්ඩ ගන්න තීරණය කරලා ඉවරයි. ඒ වෙලාවේ payment process එක සංකීර්ණ වෙලා බෑ. පාරිභෝගිකයා ඉන්නෙ ඈත නම්, නැත්නම් ඔබේ සේවාවට හෝ ඹ්හාන්ඩයට ගෙවීම් සිදු කරන්න විශාල මුදලක් අතේ අරන් එන්න ඔවුන් අකමැතිනම් ඔබට ඒ සදහා පහසු කරමයක් තියෙන්න ඕනේ.

ගොඩක් ව්‍යාපාර customer කෙනෙක් attract කරන්න effort ගොඩක් දාලා, payment stage එක ඉතා අපහසු හෝ කරදරකාරී එකක් කරනවා. උදාහරණයක් විදියට සමහර ව්‍යාපාර එයාලගෙ බැංකු ගිණුම් විස්තරයක් දෙනව හැබැයි පාරිභෝගිකයා ඉන්න ප්‍රදේශයේ ඒ බැංකුවේ ශාකාවක් නෑ නැතිනම් පාරිභෝගිකයාට අවශ්‍ය සති අන්තයේම ඒ බැංකුව වහල නැත්නම් ඩිපොසිට් කරන යන්ත්‍රයක් සොයාගෙන දුරකට යන්න වෙනව.

ඉතිම් මේ වගේ තත්වයකදී ඔබට මේ පාරිභෝගිකයා අහිමි වෙන්න පුළුවන් නැතිනම් ඔහු ඊලග වාරයේදී වෙනත් ව්‍යාපාරයක් වෙත යොමු වෙන්න පුළුවන්.

නමුත් ඔබට Bank transfer සහ cash payments වලට අමතරව, **HelaPay** වගේ digital payment options consider කරන්න පුළුවන්. මේ මගින් ඕනම වෙළාවක ක්‍රම විශාල ප්‍රමාණයකින් පහසුම ක්‍රමය තෝරාගෙන ඔබට ගෙවීම් කරන්න පාරිභෝගිකයන්ට ඉඩ ලැබෙනවා.

හිතන්න ඔවුන්ට ලගම සුපිරි වෙළදසැලෙන් ඔබට ඩයලොග් ඊසි කෑෂ් හරහා මුදල් ගෙවන්න ඔවුන්ට පුළුවන් ඒ මුදල් කෙලින්ම ඔබේ බැංකු ගිණුමට බැර වෙනව.

QR codes, payment links, cards වගේ options use කරලා payment process එක customerට පහසු කරන්න පුළුවන්.

Suitable business එකකට customer journey එක මෙහෙම smooth වෙන්න පුළුවන්:

Google Search → Website → WhatsApp Conversation → Invoice / Payment Link → Payment → Customer

Channels ගොඩක් අතර customerව bounce කරනවට වඩා මේ වගේ connected experience එකක් ගොඩක් better.

ඔබේ Website එක මේ හැමදේම Connect කරන්න ඕනේ

Website එක ලස්සනට පේන්න විතරක් තිබුණාට වැඩක් නැහැ.

ඒක business කරන්න පහසු කරන්න ඕනේ.

Good business website එකකින් customerට phone call එකක් කරන්න, WhatsApp open කරන්න, Google Maps location බලන්න, products browse කරන්න, inquiry form එකක් fill කරන්න හෝ payment option එකකට යන්න පුළුවන් වෙන්න ඕනේ.

උදාහරණයක් විදිහට customer කෙනෙක් phone එකෙන් website එකට ඇවිත් service එකක් බලලා, WhatsApp Us button එක press කරලා quotation එකක් ඉල්ලලා, invoice එකක් ලබාගෙන, payment එක complete කරනවා.

එතනින් එහාට website එක online brochure නිකන්ම වෙබ් පිටුවක් නොවෙයි.

ඒක real business tool එකක්.

හැම Platform එකකම ඉන්න Try කරන්න එපා

Small businesses ගොඩක් කරන mistake එකක් තමයි social media platform හැම එකකම account open කරලා, පස්සේ එකක්වත් හරියට නඩත්තු කරන්න බැරි වෙන එක.

මුලින් customers move forward කරන්න help කරන channels ටිකක් focus කරන්න.

ගොඩක් businesses වලට practical setup එකක් මෙහෙම වෙන්න පුළුවන්:

* Main digital home එක විදිහට professional, mobile-friendly website එකක්
* Google Search සහ Maps සඳහා properly maintained Google Business Profile එකක්
* Enquiries, quotations, invoices සහ customer communication සඳහා WhatsApp Business
* Sales complete කරන්න convenient digital payment option එකක්
* ඔබේ target audience එකට ගැළපෙන social media platforms එකක් හෝ දෙකක්

මේවා හොඳට වැඩ කරන්න පටන් ගත්තට පස්සේ, අලුත් platforms ටික ටික add කරන්න පුළුවන්.

Real Goal එක “Online යන එක” විතරක් නෙවෙයි

හැමෝටම website තියෙන නිසා website එකක් හදන එක goal එක නෙවෙයි.

Goal එක තමයි ඔබේ business එකට දවසෙන් දවස help කරන simple digital system එකක් හදාගන්න එක.

Customer කෙනෙක්ට අමාරුවක් නැතුව ඔබව:

හොයාගන්න, භාන්ඩ හා සේවා ගැන තේරුම් ගන්න, විශ්වාසය වෙන්න, සම්බන්ද කරගන්න සහ ගෙවීම් කරල මිලදීගන්න

පුළුවන් වෙන්න ඕනේ.

ඒක තමයි valuable online presence එකක් (වටිනා අන්තර්ජාල පෙනීසිටීමක්) කියන්නේ.

Start කරන්න huge advertising budget එකක් හෝ complicated technology එකක් අනිවාර්ය නැහැ.

Basics වලින් පටන් ගන්න. Information accurate තියාගන්න. Customersට හොඳට respond කරන්න. Genuine reviews collect කරන්න. Payments easy කරන්න. ටිකෙන් ටික improve කරන්න.

කාලයත් එක්ක මේ small improvements, ඔබේ business එකට තියෙන වටිනාම assets වලින් එකක් බවට online presence එක turn කරන්න පුළුවන්.

ඔබව හොයාගන්න පහසු වෙන්න.
ඔබව contact කරන්න පහසු වෙන්න.
ඔබව trust කරන්න පහසු වෙන්න.
වැදගත්ම දේ — ඔබත් එක්ක business කරන්න පහසු වෙන්න.

මේ හැමදේම ඔබට ටිකක් technical වගේ හිතෙනවා නම්, time-consuming වගේ දැනෙනවා නම්, හෝ මේවා manage කරන්න ඔබට කැමති නැත්නම්, ඒක ඔබම කරන්නම ඕනේ නැහැ.

Webcraft ඔබේ business එකේ digital side එක handle කරන්න ready. Websites, Google visibility, online communication, branding සහ ongoing support වගේ දේවල් අපි handle කරද්දි, ඔබට focus කරන්න පුළුවන් ඔබේ business එක run කරන එක සහ grow කරන එක.

[www.webcraft.lk](https://www.webcraft.lk) වෙත පිවිසෙන්න.
Digital hassle එක අපි handle කරන්නම් — ඔබ ඔබේ business එක grow කරන එකට focus කරන්න.

Locate Us
3/295
Orex City, Ja-ela,
Sri Lanka.
Email
Verified by MonsterInsights